පොහොට්ටුවෙන් ගෝඨා නම් එජාපයෙන් ෆොනි! ගෝඨා දැක්කාම පුටුවෙන් නැඟිටෙන සජිත් දාලා දිනන්න බෑ! කරූ ලවා ගෝඨා පරදවන්න හිතන්නවත් බෑ! – කපිතාන් සේනක ද සිල්වා

August 6, 2019 at 10:45 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයත් සමග අනෙක් සියලු කරුණුවලට වඩා ජාතික ආරක්ෂාව සඳහා ජනතාව ප්‍රමුඛතාව දෙන පසුබිමක විපක්ෂයේ අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් ආණ්ඩුව ඇමති සජිත් ප්‍රේමදාස හෝ කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කළහොත් ඔවුන් අන්ත පරාජයට පත්වනු ඇතැයි විශ්‍රාමික හමුදා කපිතාන් සේනක ද සිල්වා (ෂා සිල්වා) පවසයි.

මේ නිසා විපක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ නම් ආණ්ඩුව ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීම අනිවාර්ය බව අගමැති රනිල් වික්‍රමසිංහට ද පිළිගැනීමට සිදුව ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා නම් ආණ්ඩුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ද අගමැති අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ ද ඉදිරිපත් කිරීමට නියමිත බවත් ගෝඨාභය හැර වෙන අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වීමට ද තීන්දු කර ඇතැයි සේනක ද සිල්වා පවසයි.

”ගෝඨා දකිනකොට සජිත් පුටුවෙන් නැගිටිනවා. කරු ජයසුරිය හොඳයි, එත් ගෝඨාට තරඟයක් දෙන්න හිතන්නවත් බැහැ. ඉතින් එහෙම අය දාලා දිනනන් පුලුවන්ද” ඔහු වැඩිදුරටත් විමසා සිටියේය.

අපේ ජාතික පෙරමුණේ’ සභාපතිවරයා ද වන කපිතාන් සේනක ද සිල්වා, සරත් ෆොන්සේකාගේ පෞද්ගලික ලේකම් ලෙස ද කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස