එජාප ජනපති අපේක්ෂක ලැයිස්තුවේ කතානායක කරූට පසු ඇමති සජිත්ටත් මල්වත්තෙන් ගෞරව නාමයක්!

March 28, 2019 at 7:48 am | by admin

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් ප‍්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ශාසන දීපන අභිමානී ශ‍්‍රී ලංකා ජනරංජන ප්‍රදානය කිරීමට නියමිතය.

මාර්තු මස 31 වැනි ඉරිදා පස්වරුවේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී පැවැත්වෙන උත්සවයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් මෙතෙක් ඉටුකරන ලද අග‍්‍රගන්‍ය සේවාවන් ඇගයීම වස් මෙම ගෞරව නාම ප්‍රදානය සිදුකෙරේ.

මීට දින කිහිපයකට පෙර මල්වතු පාර්ශවය කතානායක කරූ ජයසූරියට ද ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි විශේෂ ගෞරව සම්මානය ප්‍රදානය කිරීමට කටයුතු කළේය.

කතානායක කරූ ජයසූරිය මෙන්ම ඇමති සජිත් ප්‍රේමදාස ද එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ ඉහළින්ම ඇති නම් වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස