එජාප ජනපති අපේක්ෂක සාකච්ඡාවට ස්වාධීන කතානායක කරූත් සජිත් සමග අරලිය මැදුරට!

September 10, 2019 at 1:38 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස