ජවිපෙ දෙවෙනි මනාපය ගෝඨාට එරෙහි එජාප අපේක්ෂකයාට! සමාජමාධ්‍ය ඔස්සේ කාඩරයන් දැනුම්වත් කෙරේ!

August 30, 2019 at 8:05 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය මෙවර ජනාධිපතිවරණයේ දී සිය පාක්ෂිකයන් දෙවෙනි මනාපය ලකුණු කිරීමට උනන්දු කරන බව වාර්තා වෙයි.

මේ පිළිබඳ ඔවුන් සිය පාක්ෂිකයන් දැනුම්වත් කිරීමට සිය ෆේස්බුක් කණ්ඩායම් (Facebook Group)ඇතුළු සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන තිබේ.

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකට ඡන්දය ලබා දෙන සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් වන අනෙක් ප්‍රධාන අපේක්ෂකයා කවුරු වුවත් ඔහුට දෙවෙනි මනාපය සලකුණු කළ යුතුය යන මතය මේ ඔස්සේ ගෙන යයි.

ඒ අනුව එජාප අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස, කරූ ජයසූරිය හෝ රනිල් වික්‍රමසිංහ වුවද එම අපේක්ෂකයා ලවා ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම සඳහා ජවිපෙ කඳවුරේ දෙවෙනි මනාපය එජාපයට ලැබෙනු ඇත.

මෙවර ජනාධිපතිවරණයේ දී කිසිම අපේක්ෂකයකුට 50%ක කැමැත්ත ලබාගත නොහැක යන ස්ථාවරයේ සිට මෙම සැලසුම ක්‍රියාත්මක කරයි. ඒ අනුව දෙවෙනි මනාපය ගණනය කිරීමේ දී ජවිපෙ දෙවෙනි මනාපය මගින් එජාප අපේක්ෂකයා ජනාධිපති කරවීම ජවිපෙ අරමුණ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස