එජාප ජනාධිපති අපේක්ෂකයා රනිල් සජිත් නෙමේ, කරූ ජයසූරිය!

March 16, 2019 at 7:20 am | by admin

එළඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා දැනටමත් තීන්දු කර අවසන් බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. ඒ රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස අතරින් අයෙකු බව පවසන අමාත්‍යවරයා විරුද්ධ පක්ෂ අපේක්ෂකයා තවමත් නම්කර ගත නොහැකිව කුළල් කා ගන්නා බව පවසයි.

විරුද්ධ පක්ෂයේ පිරිසක් ගෝඨාභය සිය අපේක්ෂකයා යැයි පවසන අතර තව පිරිසක් සිය අපේක්ෂකයා මෛත්‍රීපාල බව පවසන්නේ යැයි ඔහු පෙන්වා දෙයි. සිය අපේක්ෂකයා ටයිකෝට්, සරම්, බැනියම් සියල්ලම අඳින එජාප සාමාජිකයකු බව හෙතෙම වැඩි දුරටත් අනාවරණය කරයි.

මේ ඇඳුම් සියල්ල අඳින පුද්ගලයා කතානායක කරූ ජයසූරියයි. ඔහු ටයිකෝට් මෙන්ම ජාතික ඇඳුම ද අඳින්නෙකි. ඒ අනුව එළඹෙන මැතිවරණයේ එජාප පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වර්තමාන කතානායක කරූ ජයසූරිය විය යුතුය. පසුගියදා ඉන්දියාව කතානායකවරයාට ආසියාවේ අභිමානය සම්මානය ලබා දුන් අතර ඉදිරියේ දී ඔහුගේ ප්‍රතිරූපය ඉහළ නංවන විවිධ කටයුතු සිදු කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස