කතානායක කරූ පාර්ලිමේන්තුවේ හැසිරුණේ නිල නොලත් එජාප නායකයා වගේ! – වාසු

November 25, 2019 at 7:46 am | by emanisa.lk

කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේ හැසිරුණේ නිල නොලත් එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ඉතාම පක්ෂග්‍රාහී ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

කෙටි කාලයක් සඳහා කතානායක ධුරයේ කටයුතු කිරීමට තමා සූදානම් බවත් දිගු කාලීනව එහි සිරවීමට තමා සූදානම් නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

එසේම එම ධුරයේ කරූ ජයසූරිය මෙන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමට තමා සූදානම් නැති බව ද වාසුදේව නානායක්කාර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස