කතානායක කරූ ජනාධිපති තරඟෙට ටූ ලේට්! සජිත්ට නොදුන්නොත් එජාපය දිය වෙනවා! – මාතලේ නගරාධිපති

September 5, 2019 at 8:51 am | by emanisa.lk

කතානායක කරූ ජයසූරිය 80 විය ඉක්ම වූ පරිණත දේශපාලනඥයකු බවත් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම හොඳටම ප්‍රමාද බවත් මාතලේ එජාප පුරපති ඩල්ජින් අළුවිහාරේ පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස සමග එකතු වුවහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සජිත් ආණ්ඩුව යටතේ තැනක් ලබා දෙන බව ද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජන විඥානය හඳුනන නායකයකු ලෙස ඇමති සජිත්ට අපේක්ෂකත්වය ලබා දෙනු ඇති බවත් සජිත් යන ඕනෑම තැනකට ගොස් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් පුරපතිවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන්නොත් එජාපය ඉතිහාසයේ කිසිම අවස්ථාවක නොවූ ආකාරයෙන් දිය වී යනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීමක් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස