අපි මෙවර සහාය දෙන්නේ පොදු අපේක්ෂකයෙකුට නෙමේ නිර්පාක්ෂික අපේක්ෂකයකුටයි!

August 22, 2019 at 9:33 pm | by emanisa.lk

ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ දේශපාලන පක්ෂයක සමාජිකයකු නොවන ජාතික අපේක්ෂකයකු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

19 වෙනි සංශෝධනය මගින් සිදුකරගත නොහැකි වූ දේ සිදුකරගත හැක්කේ එවැනි ජනාධිපතිවරයකු මගින් බව හෙතෙම අවධාරණය කළේය. දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන කිසිම අපේක්ෂකයකුට සිය සහය නොනැබෙන බවද ඔහු පවසයි.

ඔහු සියලු ආගම්වලට ළැදි සියලු ජාතීන් ගැන සිතන දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින ජාතික අපේක්ෂකයකු විය යුතු බව ඔහුගේ අදහසය.

කෙසේ වුවද 19 වෙනි සංශෝධනය නිසා රටම අවුල් ජාලයක් බවට පත් වූ බව ජනාධිපතිවරයා පමණක් නොව එම සංශෝධනයේ නිර්තෘවරුන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වැනි අය ද පිළිගෙන ඇත.

මහාචාර්ය සරත් විජේසූරිය වැනි රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයන්ගේ මෙවර අරමුණ කතානායක කරූ ජයසූරියට එජපා ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම බව කොළඹ දේශපාලන කවවල සාකච්ඡා වී ඇත.

2015 පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා මෙම සංවිධාන විශාල කාර්යභාරයක් ඉටු කළේය. පසුගියදා පොදු අපේක්ෂකයා ජයග්‍රහණයට කටයුතු කිරීම සම්බන්ධයෙන් සරත් විජේසූරිය තමාටම ශාප කරගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස