එජාපයෙන් ජනාධිපතිවරණයට කවුරු ආවත් ඒ මේ රට වැනසූ මුහුණක්! – ශෙහාන් සේමසිංහ

September 7, 2019 at 2:00 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා කවුරු වුවත් එය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.

එජාපයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරූ ජයසූරිය හෝ චම්පක රණවක යන කවර මුහුණක් වුවත් ඒ සියලු දෙනා මේ රට විනාශ කළ ආණ්ඩුවේ කොටස්කරුවන් බව ද ඔහු පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනතාවට තීන්දු කිරීමට ඇත්තේ රට විනාශ කළ ආණ්ඩුවේ කොටස්කරුවන් සමග එකතු වන්නේ ද යන්න බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස