ඉස්ලාම් අන්තවාදී අධ්‍යාපන ආයතනයක් බේරුවල! උපාධි ලැබූ පිරිස රජයේ ඉහළම නිලධාරී පුටුවල! මද්රාසාවල විතරක් නෙමේ රජයේ පාසල්වලත් මිනිමරු වහාබ්වාදය! – මුස්ලිම්වරු කතානායකට කියති… මුස්ලිම් කඩ කැඩීමත් අන්තවාදී බව කතානායක කියයි..(video)

May 23, 2019 at 2:50 pm | by admin

තවමත් හඳුනාගත නොහැකි අන්තවාදී කණ්ඩායමක් විසින් මුස්ලිම් නිවාසවලට පහර දීමෙන් මේ රටේ සෑම ජාතිකයක් අතරම අන්තවාදීන් සිටින බව තහවුරු වන්නේ යැයි කතානායක කරූ ජයසූරිය පවසයි. ගාලු මුස්ලිම් නායකයන් පිරිසක් සමග පාර්ලිමේන්තුවේ පැවති හමුවක දී කතානායකවරයා මේ බව සඳහන් කළේය.

මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ආගමික ඉගැන්වීම්වලට ප්‍රතිවරුද්ධ අන්තවාදී වහාබ්වාදය ප්‍රචලිත කරන බේරුවල උසස් අධ්‍යාපන ආයතනයක් පිළිබඳ එම පිරිස කතානායකරයාට දැනුම් දුන්නේය. එම ආයතනයෙන් සමත් වන අයට ලංකාවේ විශ්වවිද්‍යාල උපාධි ලබාදෙන බවත් මොවුන් දිසාපති, රේගු නිලධාරී ආදී ඉහළ තනතුරුවලට පත්ව ඇති බවත් ඇතැම් විට පාර්ලිමේන්තුවේ වුව සිටිය හැකි බවත් එම පිරිස පෙන්වා දෙයි.

මේ වන විට මද්රාසා පාසල්වල පමණක් නොව රජයේ පාසල්වල ද වහාබ්වාදය ඉගැන්වෙන බව ද එය සාම්ප්‍රදායික මුස්ලිම් ආගමට එරෙහි වෙනම ආගමක් බව ද ඔවුහු අනාවරණය කළහ. එසේම ජමාත් යනුවෙන් නම සඳහන් සියලු සංවිධාන වහාබ්වාදය ප්‍රචාරණය කරන බව ද එම පිරිස පෙන්වා දුන්හ.

කෙසේ නමුදු කතානායකවරයා එහිදී ඔවුන් පෙන්වා දුන් ගැටලු පිළිබඳ අවධානය යොමු කළ බවක් වාර්තා නොවුණ ද තවමත් හඳුනා නොගත් අන්තවාදීන් පිරිසක් මුස්ලිම් කඩවලට පහර දීමෙන් සියලු ජාතින් අතර අන්තවාදීන් ඇතැයි තහවුරු වන බව කීවේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස