පෙර රජවරුන් මෙන් රට දැය සමයට කළ මහ මෙහෙයට පාඨලීටත් සම්මානයක්! කරූ, කිරඇල්ල සහ සජිත්ටත් ලැබුණා!

May 28, 2019 at 11:22 am | by admin

රට දැය සමය වෙනුවෙන් සිදුකරන මෙහෙවර අගයමින් රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමියන් විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සම්මානයක් පිරි නමා ඇත.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය නාපාන පෙමසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ශාසනාලෝකය පතා, මෙත් සිත් පූර්වකව, දේශාභිමානයෙන්, ජාතිකානුරාගයෙන් සහ ශාසන දයාවෙන් පෙර රජවරුනට සමව නව චින්තනයෙන් හා දර්ශනයෙන් දූරදර්ශීව කටයුතු කරන බවට ලිඛිත සටහන් තබමින් මෙම මෙම සම්මානය අමාත්‍යවරයාට පිරි නමා තිබේ.

සියලු අභියෝග ජයගෙන රට දැය සමය වෙනුවෙන් අමරණීය මෙහෙවරක් සිදු කිරීමට අනන්තබල ඇති තෙරුවන් සරණ හා දේව රැකවරණය ලැබේවා යැයි මෙහිදි ප‍්‍රාර්ථනා කර ඇත.

මෙයට පෙර කතානායක කරූ ජයසූරිය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඇමති සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට ද බුදු සසුනට කළ සේවය සඳහා සම්මාන ගරු නාම ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස