කරූ ජයසූරියත් වේලාසනම ජනාධිපතිට අඳියි! බණ්ඩාරනායක සමාධියෙත් ෆොටෝ ෂූට් එකක්!

August 1, 2019 at 8:02 am | by emanisa.lk

කථානායක කරූ ජයසූරිය ඊයේ (31) උදෑසන 6.30ට පමණ නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය වෙත ඡායාරූප ශිල්පීන් සමග පැමිණ ඡායාරූප ගැනීමක නිරත වූ බව වාර්තා වේ.

මෙහිදි කථානායකවරයා බණ්ඩාරනායක සමාධියට ගෞරව කරන ආකාරයට ඡායාරූප ගත කර ඇත. කථානායකවරයාගේ මෙම විශේෂ ඡායාරූප ගතකිරීම් සඳහා ඊයේ අලුයම කාලයේ සිට බණ්ඩාරනායක සමාධියේ විදුලි ආලෝක පද්ධතිය සහ වතුර මල් ක්‍රියාත්මක කොට තිබූ බවද දැනගන්නට ලැබේ.

පසුගිය දිනවල කතානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්දිරය තුළ ද ඒ ඉදිරිපිට ද මෙවැනිම ඡායාරූප ගතකිරීම් සිදුකරන ලද බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

මේ දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් කියවෙන එජාප නම් අතර කරූ ජයසූරියගේ නමද ඇතුළත් බැවින් ඡායාරූප ගතකිරීම් හා ජනාධිපතිවරණය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට ද මත පළ වේ.

රාජ්‍ය නොවන සංවිධානවල සහ තානාපති අංශ අතර වැඩිම ආකර්ශනය දිනූ එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා කරූ ජයසූරියට බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස