විපක්ෂය කියන්නේ විවාහ උත්සවේ අනතුරුදායක නිසා දික්කසාදේ අවලංගු කරන්න කියලා! – ගෙවිඳු කුමාරතුංග

May 10, 2020 at 5:47 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඞාර, පා. ච. රණවක, වික්ටර් අයිවන්, ආචාර්ය පාර්කිසෝති සරවනමුත්තු, ජනාධිපති නීතිඥ එම්. සුමන්දරන් ආදි වශයෙන් විජාතික වුවවමනාවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයන්හි නායකයන් හා එන්.ජී.ඕ. කප්පිතන් මැතිවරණ අවලංගු කරන ලෙසත් පාර්ලිමේන්තුව විසුරුවීම බල රහිත කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ධිකරණය හමුවට ගොස් ඇත.

මේ සියලු කොටස් කී කරුණු, දුන් පොරොන්දු, කළ ඉල්ලීම් සියල්ල 69 ලක්ෂයකට වැඩි ජනතාවක් ප්‍රතික්ෂේප කර තිබිය දී කරන මේ ඉල්ලීමෙහි අර්ථය කුමක් ද? ජනයා ගේ අකැමැත්ත නොතකා තමන්ව පිළිගන්නට බලකරන ලෙස, තමන්ට යටත්වීමට බල කරන ලෙස ඉල්ලා සිටීමක් හැර අන් කුමක් ද?

පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බවට ද තර්ක මතු කරනු පෙනේ. එහෙත් ‘මෙන්න මිනී මරාගෙන 2/3ක ගන්න යනවෝ’ යයි කරන කෑගැසීමෙන් ම මහා මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව, 69 ලක්ෂයක විශ්වාසය, කැමැත්ත තවදුරටත් තහවුරු වී ඇති බව කවුරුත් පිළිගන්නා බව පැහැදිලි ය. රටට හතුරු බලවේග අධිකරණයෙන් මේ ඉල්ලා සිටින්නේ ඒ කැමැත්තට, විශ්වාසයට, ආදරයට ඉඩ නොදෙන ලෙස ය.

අතිනූතන ලෙස, නව පරපුරු ලෙස පෙනී සිටීමට තැත් කළ මේ විජාතික එන.ජී.ඕ. කොටස් කරන මේ ඉල්ලීම සම කළ හැක්කේ කොරෝනා වසංගතය හමුවේ විවාහෝත්සව පැවැත්වීම අනතුරුදායක බැවින් තමන් විසින් නැවත නැවතත් රැවටීම නිසා, විනාශයෙන් විනාශයට පත් කිරීම නිසා භාර්යාව ලබාගත් දික්කසාදය වහා ම අවලංගු කර ඇය ගේ අකැමැත්ත, අප්‍රසාදය, පිළිකුල කිසිචක් නොකතා තමන් සමඟ ම ජීවත්වීමට ඇයට බල කරන ලෙස අචීර්ණ කල්පික, අවිනීත, ගොරහැඩියකු අධිකරණයෙන් කරන ඉල්ලීම ය.

පරමාධිපත්‍ය බලය හිමිව ඇත්තේ ජනතාවට ය. ඒ ජනතාව ගෙන් අතිබහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේ දී ‘ජනතාවට වගකියන ව්‍යස්ථා ප්‍රසංස්කරණයක්’ සඳහා ද සිය කැමැත්ත ප්‍රශ කර ඇත. එ වැනි අවස්ථාවක ව්‍යවස්ථාවේ වගන්ති මත කෙරෙන කෙස් පැලෙන තර්ක මත ජනයා ගේ කැමැත්ත, අභිලාශය, පරමාධිපත්‍යය යටපත් කිරීම කළ හැකි ද? ජනයා ගේ කැමැත්ත ඉතා පැභැදිලි ලෙස ප්‍රකාශයට පත් ව ඇති අවස්ථාවක අධිකරණයේ යුතුකම වනු ඇත්තේ ජනතා පරමාධිපත්‍යය වඩාත් අර්ථගැන්වෙන සේ කටයුතු කිරීම ය. නීතිය මඟින් යුක්තිය තභචුරු කිරීම ය.

ගෙවිඳු කුමාරතුංග
සභාපති – යුතුකම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස