ජනපතිට බලය ඇත්තේ මැරුණු පාර්ලිමේන්තුව නොව අලුත් පාර්ලිමේන්තුව කැඳවන්නයි! බොළඳ තර්ක දාන අය හොඳට ව්‍යවස්ථාව කියවන්න! – ඉනාමළුවේ සුමංගල හිමි

April 27, 2020 at 12:25 pm | by emanisa.lk

මියගිය පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය නාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ පවසති.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා මහ මැතිවරණය කල් දැමීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බවත් නාහිමියෝ කීහ.

රංගිරි දඹුළු  විහාරස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින්  අද( 27 )  දින පෙරවරුවේ එහිමියන් මේ  බව  පැවසූහ.

වැඩිදුරටත් කරුණු දක්වමින් සිටී ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියෝ මෙසේද කීහ.

“මැතිවරණයක් පැවැත්වීම යනු ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමක්  ජනතාවගේ ආරක්ෂාව ජනතාව පාලනය කිරීම ජනතාවගේ මුදල් හදල් වෙන් කිරීම ආදී සියලු කරුණු ජනතා පරමාධිපත්‍යය තුළින් සිදුවනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා මේ අවස්ථාවේ මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය හිමි වෙනවා.

පසුගිය පාර්ලිමේන්තුව කැඳවීමට උත්සාහ දරන පිරිස් ඔවුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා වෙහෙස දරනවා. කෙසේ හෝ මියගිය පාර්ලිමේන්තුවට නැවත පණදීමට කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ.

රට තුළ පවතින වසංගත තත්වය පාලනය කිරීම සියලුදෙනාගේම වගකීමක්.

දේශපාලන අරමුණු පසෙක දා සියලු දෙනා එක්ව රට ගැන සිතා කොරෝනා වෛරසය පැරදවීම සිදුකළ යුතුයි.

එසේ නොමැතිව වෛරසය ඉදිරියේ තබාගෙන පටු අරමුණු ඉටු කරගැනීම වෙනුවට  ජනතාව ගේ  සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම ජනතාව  ආරක්ෂා කිරීම සියලු  දෙනාගේම වගකීමයි..

ජනාධිපතිවරයාට බලය ඇත්තේ පරණ පාර්ලිමේන්තු කැඳවීමට නොව අලුත් පාර්ලිමේන්තුව කැදවීමටයි.  බොළඳ නීති තර්ක පෙන්වා දෙන පිරිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි ලෙස කියවා තේරුම් ගතයුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස