#LockDown රැල්ල විපක්ෂයේ කුමන්ත්‍රණයක්! පාර්ලිමේන්තුව කැඳවා රටම අස්ථාවර කරන ද්‍රෝහි සැලසුමක්!

March 17, 2020 at 12:41 pm | by emanisa.lk

කොරෝනා ව්‍යාප්තිය භාවිතා කරමින් විපක්‍ෂ බලවේග විසින් නාමයෝජනා කැඳවීම කල් දමා පැවති පාර්ලිමේන්තුව යලි කැඳවා රට අස්ථාවර කිරීමට කුමන්ත‍්‍රණයක් අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ හරහා නැවත වටයකින් උකුස්සන්ට හා කටුස්සන්ට බලය අතට ලබා ගැනීමේ කූට සැලසුමක් මෙම LockDown තේමාව යටතේ සැගවී ඇති බවද ඔහු සඳහන් කළේය.

යම් හෙයකින් පැවති පාර්ලිමේන්තුව යලි කැඳවූයේ නම් එහි මුදල් වියදම් කිරීමේ බලය විපක්ෂ බලවේග විසින් අත්පත්කරගෙන නිරෝධාන ක්‍රියාවලිය අවුල් සහගත තත්ත්වයට පත් කිරීම හරහා එහි වගකීම ජනාධිපතිවරයා මත පැටවීමට මොවුන් සැලසුම් කර තිබූ බවද ඔහු පැවසීය.

ඒ කුමන්ත‍්‍රණය සදහා ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ අස්වාභාවික ලෙස LockDown රැල්ලක් ඇති කර තිබෙන බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් රජය මේ අවස්ථාවේදී එය නිසි පරිදි තේරුම් ගෙන මහජන එක්රැස්වීම් පාලනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් කටයුතු කිරීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස