ණය සීමාව වැඩිකරන්න ආණ්ඩුවට බලයක් නෑ! පාර්ලිමේන්තුව වරුවකට හරි කැඳවා අනුමැතිය ගන්න! – මංගල

April 9, 2020 at 10:38 am | by emanisa.lk

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක බැංකුව විසින් ලබා දී ඇති රුපියල් බිලියන 24.4 ක ණය මුදල ප්‍රමාද විය හැකි නිසා වහාම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමට අනුමැතිය ගන්නැයි හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ආණ්ඩුවෙන් ඉල්ලයි.

ණය ගැනීමේ සීමාව වගකීමෙන් යුතුව වැඩි කරන එවැනි යෝජනාවක් සඳහා සමස්ත පාර්ලිමේන්තුවේම සහාය ලැබෙන බවට විශ්වාස බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ණය ගැනීමේ සීමාවට ළඟා වූ පසු, රාජ්‍ය ණය නිකුත් කළ හැකි නීතිමය අධිකාරි බලයක් රජයට නොමැති බවත් එම බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් පවසන හිටපු මුදල් ඇමැතිවරයා පවතින අර්බුදය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීමේදී රජයට දැරිය නොහැකි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස