ජනතාවට රු. 5000 දීම මැතිවරණ අල්ලසක්! එය මැතිවරණ කොමිසම තහනම් කළ යුතුයි! – පී. හැරිසන්

May 5, 2020 at 3:53 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය නිසා දුෂ්කරතාවට පත් පවුල් සඳහා රු. 5000 බැගින් ලබා දීම මැතිවරණ අල්ලසක් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසයි.

මෙම අල්ලස් ලබා දීම ඉදිරියෙහි මැතිවරණ කොමිසම කසාය බිව් ගොළුවන් ලෙස හැසිරෙන බව ද හෙතෙම සඳහන් කරයි.

මෙම මුදල් ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් ලබාදීමෙි කිසිදු ගැටලුවක් නැතත් දේශපාලකයන් මාර්ගයෙන් ලබාදීම වැරදි බවත් පී. හැරිසන් පෙන්වා දෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ කෙසේ හෝ 225 දෙනෙකු පෙන්වීම සඳහා පාර්ලිමේන්තුවේ සිට මියගිය අයට ද SMS පණිවිඩ යවා ඇති බවත් එජාපය, සමගි ජන බලවේගය සහ ජවිපෙ කරුණු කාරණා සලකා ඊට සහභාගී නොවූ බවත් හිටපු ඇමතිවරයා අවධාරණය කරයි.

දඹුල්ලේදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස