කොරියාවේ 10500කට කොරෝනා වැළඳී 208ක් මියෙද්දි මහ මැතිවරණය ඇරඹෙයි! ඡන්ද එපා පරණ පාර්ලිමේන්තුව කැඳවන්නැයි උද්ඝෝෂණ විරෝධතා නෑ!

April 11, 2020 at 11:35 am | by emanisa.lk

කොරෝනා වෛරස ව්‍යාප්තිය මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (10) ආරම්භ විය. කොරෝනා වසංගතය මැද්දේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන පළමු රට දකුණු කොරියාවය.

ඡන්ද දායකයන් එකිනෙකා අතර අඩි තුනක පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු යැයි ද බලධාරිහු නියෝග කර තිබිණි. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්ද දායකයන් සියලු දෙනාගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ අතර ඡන්ද දායකයන්ට සනීපාරක්ෂක අත්වැසුම්, සනීපාරක්ෂක දියර යනාදිය බෙදා දුන්හ.

කොරෝනා ආසාදිතයන් සහ රෝහල්ගතව සිටින රෝගීන්ට ඡන්දය ප්‍රකශ කිරීමට ඊයේ දිනය සම්පූර්ණයෙන් වෙන් කර තිබුණු බව ද දකුණු කොරියාවෙන් වාර්තා විය. විශේෂ ක්‍රමවේදයකට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවිය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 44ක් සුදුසුකම් ලබා සිටියහ. මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 14,000ක් විෂබීජහරණයට ලක් කිරීමට ද දකුණු කොරියානු බලධාරීහු පියවර ගෙන තිබිණි. කොරෝනා ආසාදිතයන් සහ නිරෝධායනය ලක්වූවන් සඳහා පමණක් ඡන්ද පොළ අටක් ස්ථාපිත කර තිබුණු බව ද වාර්තා වේ.

ඡන්දය ආරක්ෂිත පවත්වාගෙන යෑම සඳහා හමුදාව, පොලිසිය, රාජ්‍ය සේවකයන් අත්‍යවශ්‍ය හමුදා සේවයට සූදානමින් සිටින තරුණ තරුණියන් යෙදවීමට දකුණු කොරියානු බලධාරීහු පියරව ගත්හ.

කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සමාජ මාධ්‍ය ඔස්සේත්, රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේත් සිදු කෙරුණි.

සෙසු දකුණු කොරියානුවන් වෙනුවෙන් මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ ලබන 15 වැනිදාය. ඒ, ඡන්ද පොළවල ජනතාව පෝලිම් ගැසී සිටීම වැළැක්වීමේ අරමුණින් මැතිවරණය දින කීපයක් තිස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ වන විට කොරියානුවන් 10450කට කොරෝනා වැළඳී 208 දෙනෙකු මරුමුවට පත්ව ඇති අතර සුවපත් වූ ප්‍රමාණය 7117කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස