ප්‍රජාතන්ත්‍රවාදය මරණයෙන් ගලවා ගන්න බහුතර එජාප පාර්ලිමේන්තුව කැඳවනු! – ජවිපෙ

April 25, 2020 at 3:23 pm | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වීම වැළැක්වීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු මාස තුනක් යාමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම යුතු බව ව්‍යවස්ථාවේ ඇති බවයි.

එසේ නොමැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ කොරෝනාවලට බෙහෙත් සොයා ගැනීමට නොවන බව ඔහු පවසයි.

ඒ අනුව එම ව්‍යවස්ථාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ද ඔහු කියයි.

එසේ නැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවූවද නැති වුවද තම පක්ෂයට ප්‍රශ්නයක් නැතැයි ද ඔහු තවදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස