පාර්ලිමේන්තුව කැඳෙව්වොත් ආණ්ඩුවට ඕන විදිහට සල්ලි වියදම් කරන්න ඉඩදෙන්නේ නෑ! – රංජිත් මද්දුමබණ්ඩාර

May 10, 2020 at 7:29 am | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ව රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 30% කින් කපා දැමීමට රජය සැලසුම් කර ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

අද වන විට රජය බංකොලොත් තත්ත්වයට පත්ව සිටි නිසා මෙම තීන්දුව ගෙන ඇතැයිද ඔහු පැවසීය.

තිස් වසරක යුද්ධයක් පවතිද්දී ද රජයේ සේවකයන්ගෙන් කිසිදු මුදලක් ඉල්ලා නොසිටි බවත් අද ආණ්ඩුව වැටුප් ඉල්ලා පිංසෙණ්ඩු වීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවට ආර්ථිකය හසුරුවන්නට බැරි බව යැයිද ඔහු කියා සිටියි.

කොරෝනා මර්දනයට මුදල් අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් කළහොත් විපක්ෂයේ සහාය ඒ සඳහා ලබාදෙන බවද නමුත් අධිවේගී මාර්ග ඉදිකිරීම ආදී මුදල් ගසා කෑම්වලට සහාය නොදෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස