පඩිත් නැතිව කොරෝනා මඩින සටන කරට ගන්න අපි සූදානම්! පාර්ලිමේන්තුව නැවත කැඳවන්න! – සුමන්දිරන්

April 24, 2020 at 10:29 am | by emanisa.lk

ආණ්ඩුව සමග එකතු වී කොරෝනා මර්දන සටනට යාමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඓතිහාසික තීන්දුවක් ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

පාර්ලිමේන්තුව රැස්කළ විට තමන්ට වැටුප් උවමනා නැති බවත් ආණ්ඩුව පෙරළීමේ කිසිදු උවමානවක් තමන්ට නොමැති බවත් හෙතෙම පවසයි.

ආණ්ඩුව සහ විපක්ෂය ලෙස නොව එක් ජාතියක් ලෙස කොරෝනා මර්දන සටනට මුහුණ දීමට සෙසු කණ්ඩායම් සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට සූදානම් බව ද හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්මත කර ගැනීමට සහ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

සිරස සහ TV 1 නාළිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස