ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ කොරෝනා මර්දන වැඩසටහන සාර්ථක වීම විපක්ෂයට හිසරදයක් වෙලා! – ජෝන් සෙනෙවිරත්න

May 3, 2020 at 12:47 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ කොරෝනා මර්දනය සඳහා සාර්ථක වැඩපිළිවෙළක් දියත් කිරීම එජාපය සජිත් පාර්ශවය ඇතුළු විපක්ෂයට හිසරදයක් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න පවසයි.

වසංගතය පරාජය කර මැතිවරණය පැවැත්වුවහොත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන ඉරණම පිළිබඳ දන්නා එම කණ්ඩායම මේ වන විට විසිරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවා එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා උත්සාහ කරමින් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

විවිධ පදනම් විරහිත තර්ක ඉදිරිපත් කරමින් ජනතාව සහ රාජ්‍ය නිලධාරීන්ගේ මනස අවුල් කරන මෙම පිරිස එජාපයට බහුතරය ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට උත්සාහ කරන්නේ රටට අහිතකර පනත් සම්මත කර ගැනීමේ අරමුණ පෙරදැරිව බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස