ඇමරිකාව එංගලන්තය පාර්ලිමේන්තුව කැඳවලා කොරෝනා මර්දනය කළාද! – නාමල් රාජපක්ෂ නීති විශාරද සුමන්දිරන්ට කට උත්තර නැති කරයි….

April 3, 2020 at 11:19 pm | by emanisa.lk

කොරෝනා වසංගතය පාලනය කිරීමට පාර්ලිමේන්තුව කැඳවූ ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කොරෝනා ප්‍රශ්නය විසඳුවේ දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විමසයි.

කොරෝනා අර්බුදය විසඳීමට ඇමරිකාව සහ එක්සත් රාජධානිය මෙන් වහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් නැඟූ තර්කයට ප්‍රති උත්තර දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට ඇමරිකාව සහ යුරෝපා රටවල් කොරෝනා මර්දනයෙහි අසාර්ථක රාජ්‍ය බවට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට මීටරයක දුර තබා ගැනීමට පහසුකම් නොමැති පසුබිමක මේ වන විට නිවාඩු යවා සිටින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කැඳවා පාර්ලිමේන්තුව කැඳවීම යනු අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරගැනීමක් පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේය.

අද (3) මාධ්‍ය හමුවක දී නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස