පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට හමුදාව එපා! පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්න! – හිටපු කතානායක

May 3, 2020 at 7:49 am | by emanisa.lk

මැතිසබයේ පිටත පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා කැඳවන ලද හමුදා භටයන් ඉවත්කොට ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගියදා දුරකතනයෙන් අගමැතිවරයා ඇමතූ කරු ජයසූරිය පාර්ලිමේන්තු ආරක්ෂාව සඳහා හමුදාව කැඳවීම ගැන විවිධ පක්ෂ විසින් ප්‍රශ්න මතුකර ඇති බැවින් ඒ ගැන කරුණු විමසා ඇත.

එවිට අගමැතිවරයා කරු ජයසූරියට කියා ඇත්තේ පාර්ලිමේන්තුවේ සේවය කළ පොලිස් භටයන්ගෙන් කොටසක් නගරයේ ආරක්ෂාව සඳහා කැඳවා ඇති බැවින් පාර්ලිමේන්තුවේ පිටත පරිශ්‍රයේ රැකවරණය සඳහා හමුදාව තාවකාලික පදනමින් යොදවා ඇති බවය.

දැනට පාර්ලිමේන්තු ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකාය කැඳවිය නොහැක්කේ ඔවුන්ද කොරෝනා මර්දන විශේෂ රාජකාරිවල නියුතුව සිටින නිසා යැයි අගමැතිවරයා පැහැදිලි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස