කොරෝනා මර්දනයට ජනතාවට සහන දෙන්න මුදල් වෙන්කරන්න ජනාධිපතිට අයිතියක් නෑ!-මංගල

April 2, 2020 at 9:14 am | by emanisa.lk

පාර්ලිමේන්තුව මගින් අප්‍රේල් මාස 30 වෙනිදා දක්වා අතුරු සම්මත ගිණුම මගින් රජයේ වියදම් පියවා ගැනීමට මුදල් අනුමත කර ඇති නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අතුරු සම්මත ගිණුම් මගින් මුදල් වෙන්කිරීමේ අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (03) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එවැනි බලයක් හිමි නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පිළිබඳ පරිච්ඡේදයේ ආරම්භක වැකිය අනුව රාජ්‍ය මූල්‍යය පිළිබඳ පූර්ණ පාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්ය.

අතුරු සම්මත ගිණුමක් අනුමත කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ජනාධිපතිවරයා එම බලය ලබා ගැනීම පාර්ලිමේන්තුවේ බලය උදුරා ගැනීමක් බවත් එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

මංගල සමරවීර සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන නායකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස