රාජිත සටන් වැදුණේ අප කඳවුර වෙනුවෙනි! අද කඳවුරම ඔහු රකින්නට එකතු වී ඇත! – චතුර

May 27, 2020 at 12:27 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න තැබූ ෆේස්බුක් සටහනකි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස

අත්අඩංගුවට ගෙන
සිරගත කර සිටින,
මාගේ පියාගේ නිදහස වෙනුවෙන්,
මා විසින් සංවිධානය කරන්නට යෙදුණු
මාධ්‍ය සාකච්ඡාවට,
එක්වූ
සමගි ජන බලවේගයේ
සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වය
පළමුකොට
ඉතා ගෞරවයෙන් සලකමි..

මෙසේ,
සමගි ජන බලවේගයේ සියලු නායකයන්
එක්ව මාධ්‍ය අමතනු ලැබූවේ
2019 ඔක්තෝම්බර් කුමන්ත්‍රණය පරාජය කිරීමට සිදුකළ
සටනින් පසුව වීම විශේෂත්වයකි.

අප කඳවුරේ නායකයා ලෙස,
ඉතා කාර්‍යබහුල කාල සටහනක් තුල කටයුතු කරමින් සිටින
ගරු සජිත් ප්‍රේමදාස නායකතුමන්,
රාජිත සේනාරත්න නම්
තම සටන් සගයා
තනි නොකර
මේ අවස්තාවට
ඉතා ඕනෑකමින් සහභාගී වූයේ
දුර්ලභ නායකත්ව ගුණාංග පෙන්නුම් කරමිනි..
තමන් වෙනුවෙන්
සටන් කළ සෙන්පතියන් අපහසු හෝරාවේදි
තනි නොකිරීම
දුර ගමන් යන නායකයන්ගේ
ප්‍රමුඛ ලක්ෂණයකි.

ප්‍රජාතන්ත්‍ර විරෝධි ආණ්ඩුවේ
දේශපාලන දඩයමට
හසුවී සිටින,
අප කඳවුරේ තවත් සටන්කාමී නායකයෙකු වන
ගරු පාඨලී චම්පික රණවක මැතිතුමන්
මෙම අවස්ථාවට
සහභාගී වූයේ,
තමන්ව ප්‍රශ්න කිරීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්
පැය භාගයක කාලයක සඳහා ලද
කෙටි අවසරයකිනි.
උවමනාව ඇත්නම්
වැදගත්කම අඩු නොවන බව එතුමන් අද පෙන්වා දුනි.

සන්නිවේදන අවහිරතා නිසා,
ඊයේ රාත්‍රියේ සිටම
සම්බන්ධ කරගැනීමට
නොහැකිව සිටි
ගරු රාවුෆ් හකීම් මැතිතුමන් වෙත
මෙම දැනුම්දීම සිදුකිරීමට හැකිවූයේ
අද උදෑසන 8:00ට පමණය.
නමුත් උදෑසන 8:15 වන විට
එතුමන්
(ප්‍රජාව) අප කාර්‍යාලය වෙත පැමිණියේ
රාජිත සේනාරත්නගේ දේශපාලන වටිනාකම පිලිබඳව ඔහු තුල ඇති තක්සේරුව පෙන්වමිනි.

ඊයේ රාත්‍රිය වනතුරුත්
රාමසාන් උත්සව සැමරීම් වලට සහභාගී වෙමින්
මන්නාරම ප්‍රදේශයේ ගත කළ,
ගරු රිෂාඩ් බදුර්දීන් මැතිතුමා
නිදිවර්ජිතව රැය පහන් කරමින් මේ අවස්ථාවට සහභාගී වූයේ,
ඉදිරියේ එලඹෙන සමය
දිවා රෑ නොබලා සටන් කිරීමට සිදුවන බව පැහැදිලි කරමිනි.

අද උදෑසන
මෙම මාධ්‍ය හමුවට සහභාගී වීම සඳහා ආරාධනා කිරීමට,
ඊයේ රාත්‍රියේදී
මා ඇමතු විට,
ඔහු පළකළේ මෙවන් අදහසකි,
“රාජිත වෙනුවෙන්
ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම කැපකිරීමක් සිදුකිරිමට අපි සූදානම් චතුර”.
ඔහු ගරු මනෝ ගනේෂන් ඇමතිතුමන්ය.
එතුමාගේ පැමිණිමද
මෙම හමුව ශක්තිමත් කළේය.

රාජිත සේනාරත්නයන්
සටන් වැදුණේ
අප කඳවුර වෙනුවෙනි.
කිසිවෙක් අඩු නොවී
ඒ කඳවුර
අද රාජිත රැකගන්නට පෙරට එන විට
දැනෙන්නේ
අප්‍රමාණ සතුටක් සහ
ඉමහත් ශක්තියකි.

ස්තූතියි,
නායකවරුණි ඔබ සැමට..
මගේ හද පතුලෙන් නැඟෙන භක්ත්‍යාදරය පිලිගන්න!

තාත්තේ,
ඔයා තනි වෙලා නෑ..
ඔයාගේ කඳවුරේ
හැම සෙන්පතියම
ඔවුන්ගේ සේනාවන් එක්ක
ඔයා වෙනුවෙන් ඉන්නවා..
සහතිකයි, අපි මේ සටන දිනනවා!

මම චතුර සේනාරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස