සුදු වෑන් කිඹුල් නාඩගම ආයෙත් පත්තු වෙයි! රාජිත අධිකරණයට ගෙනෙන්නැයි CIDයට නියෝග!

May 13, 2020 at 3:12 pm | by emanisa.lk

හිටපු ඇමති රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ප්‍රශ්නගත සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුව සම්බන්ධයෙන් එහි තෙවන සැකකරුවන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප නියෝගය අද (13) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විසින් අවලංගු කළේය.

එහි ඉදිරි නෛතික පියවරක් වශයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස