රාජිත මෙවර ලෙඩ නොවෙයි! CIDය මාලබේ නිවස වටලයි! රාජිත කළුතර සිට CIDයට පැමිණ භාරවෙයි!

May 13, 2020 at 8:10 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට ටික වේලාවකට පෙර භාර වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එයට පෙර හිටපු ඇමතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීමට ද කටයුතු කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළාය.

ඒ කොළඹ මහාධිකරණය රාජිත සේනාරත්නට ලබාදුන් ඇප අවලංගු කිරීමත් සමගය. ඔහුට ඇප ලබා දීමට නීතිපතිවරයා එරෙහි වූ අතර ඔහු මහාධිකරණයට ගියේය.

කෙසේ වුවද අදාළ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ මාල⁣බේ නිවසක් පරීක්ෂා කළ අතර ඇමතිවරයා කළුතර සිට පැමිණ භාර වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස