රාජිතට වැඩ වරදින ලකුණු! සුදු වෑන් රියදුරා සොයා පුළුල් විමර්ශනයක්!

December 3, 2019 at 8:56 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ තවත් පුද්ගලයන් දෙදෙනකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න හමුවේ ඊයේ (02) කරුණු වාර්තා කර ඇත.

මෙම තැනැත්තන් විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් මිනීමැරීම, පැහැරගෙන යාම, වද හිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සිරකර තැබීම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීමෙ ආදී වශයෙන් කරන ලද අනාවරණයන් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 3 ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි අධිකරණය වෙත එලෙස කරුණු වාර්තා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස