යුද්දේ කාලේ කන්ටේනර් 240කින් ගෝඨා කොළඹට රත්තරන් ඇදලා! ඇමරිකාවට පසු වැඩිම රන් සංචිත ගෝඨා ළඟ! – රාජිත හෙළිකරයි..

November 11, 2019 at 8:21 am | by emanisa.lk

පසුගිය යුද සමයේ උතුරේ සිට සුදු වෑන්වල රත්තරන් ටොන් 7000ක් ගෙන ආ බවට ඇමති රාජිත සේනාරත්න ඊයේ (11) සිදුකළ ප්‍රකාශය පිළිබඳ ආචාර්ය නාලක ගොඩහේවා තැබූ ෆේස්බුක් සටහනක් මෙසේය.

අනේ රාජිත අපිව හිනස්සලා මරන්න එපා. දත් දොස්තර කෙනෙක් වුණ පලියට ඔච්චරම ගණිතය දු‍ර්වල ඇයි ? බොරුවක් කියන කොට කාගෙන් හරි අහන්න කලින් ඔයා ඔච්චර ගණිතයට දුර්වල නම්.

යුද්දෙ ඉවර උනාම ගෝඨාබය රත්තරන් ටොන් 7000 ක් යාපනෙන් ගෙනාව කියල ඊයෙ දත් දොස්තර මහත්තයා ප්‍රවෘත්ති සාකච්චාවක් තියලා කිව්වා.

2009 වන විට රත්තරන් කිලෝවක් රුපියල් මිලියන 4.5 ක් විතර වුණා. එහෙම නම් ඔය කියන රත්තරන් තොගයේ එදා වටිනාකම එද රුපියල් ට්‍රිලියන් 31.5 ක් පමණ වෙනවා.

දත් දොස්තර දන්නවද මන්දා 2009 ලංකාවෙ සමස්ථ ආර්ථිකයේ විශාලත්වය රුපියල් ට්‍රිලියන 4.8 යි .

එ් කියන්නෙ ගෝඨාභයට ගේන්න යාපනේ ප්‍රභාකරන්වත් නොදන්න තැනක හංගල තිබිල තියෙනවා ලංකා ආර්ථිකය වගේ 7 ගුණයක් වටිනා රත්තරන් ඔය යුද්ද අස්සේ.

අනික රාජිත මහත්තයෝ අඩි 40 කන්ටේනර් එකකට පටවන්න පුළුවන් උපරිම බර ටොන් 20 යි. ඔය කියන ටොන් 7000 ගෙන්න සුදු වෑන් නෙවෙයි අඩි 40 කන්ටේනර්ම 320 ක් ඕනේ. ඒ කන්ටේනර් රථ පෙලපාලිය අඩුම ගානේ කිලෝමීටර් 5 ක් දිග වෙන්න ඕනේ.

ඉතින් කොහෙද ප්‍රබාකරන්නටවත් අහු නොවී කන්ටේනර 320 ක පුරෝල රත්තරන් හංගල තිබුනේ යාපනේ වැසියෝ. මොකද ඔච්චර රත්තරන් තොග‍යක් ප්‍රභාකරන්නට අහු උනනම් මිනිහ කොළඹට ගහන්නේ න්‍යෂ්ඨික අවියක් සල්ලිවරට අරන්.

අලුත් ලොක්කයි, පරණ යාලුවො ටිකයි ගොන් කතා කියන්නේ තරඟෙට වගේ නේද ?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස