ලක්ෂ 20 අරන් සහ ඇමරිකාවේ පදිංචියට යන්න බොරු කීවා! රාජිත ඇමතිතුමා දුන් පිටපත අපි මාධ්‍යයට කිව්වා විතරයි! සුදුවෑන් කිඹුලන් සියල්ල වමාරයි! ඊළඟට ජම්පරේ අඳින්නේ රාජිත!

December 19, 2019 at 12:40 pm | by emanisa.lk

මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සඳහන් කළ සියල්ල අසත්‍ය බවත් ඒ කිසිවක් තමා නොදන්නා බවත් තමන් කළේ රාජිත සේනාරත්න ලියාදුන් පිටපතක් කටපාඩම් කර මාධ්‍ය හමුවේ පැවසීම පමණක් බවත් රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක පෙනී සිටි සුදු වෑන් රියදුරන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ තිබේ.

එසේම “සුදුවෑන් සිද්ධිය ගැන අනිත් පැත්තට ගිහින් නිවැරදි කරන්න හැදුවොත් ඇත්තටම ඔයගොල්ලන්ට සුදුවෑන් එකේ යන්න වෙනවා.” යැයි රාජිත සේනාරත්න තමන්ට තර්ජනය කළ බවත් ඔවුන් හෙළිකර ඇත.

ප්‍රභාකරන්ගේ රත්රන් සහ විදෙස් මුදල් සාරංගා ජුවලර්ස් වෙත ලබාදී ඒවා මුදල්කර එම ස්වර්ණාභරණ ආයතනය හරහා ගෝඨාභය මහතාට යන බව මාධ්‍ය හමුවේදී පැවසුවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මතයැයිද එම සැකකරුවන් වැඩිදුරටත් පැවසුවේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා රාජිත සේනාරත්නට හඳුන්වා දී ඇත්තේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසිනි. සාකච්ඡාව සඳහා මේ දෙදෙනා ලක්ෂ 30ක් ඉල්ලා ඇති අතර නිවාස දෙකක්, ඇමරිකානු තානාපති කාර්යාලයේ රැකියා දෙකක්, පවුල් පිටින් ඇමරිකාවේ හෝ එංගලන්තයේ පදිංචිය ඇතුළු තවමත් බොහෝ දේ ඉදිරියේ දී ලබා දෙන බව පවසා අදාළ මුදල ලක්ෂ 20 දක්වා පහත දමා ගැනීමට ඇමතිවරයා කටයුතු කර තිබේ.

මේ සඳහා මුදල් යොදවා ඇත්තේ රූමි රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති කාලයේ ඖෂධ සංස්ථාවේ සභාපති ධුරයේ කටයුතු කළ රූමි හෂීම් විසිනි. එහිදී මාධ්‍ය හමුවේ පැවසිය යුතු කරුණු කට පාඩම් කරගැනීමට මුද්‍රණය කර ලබා දී ඇත.

නොවැම්බර් 10 වෙනිදා ඔවුන් රැගෙන යාමට නිවසටම වාහන පැමිණ ඇති අතර IDH ප්‍රදේශයේ පාළු නිවසක දී රැවුල් දමා කන්නාඩි පැළඳ මුහුණු වෙනස් කර අනතුරුව රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවට රැගෙන ගොස් ඇත.

එහිදී තමන් ලබා දුන් පිටපතේ ඇති ආකාරයට සියල්ල පවසන ලෙසත් බිය නොවන ලෙසත් කිසියම් ගැටලුවක් මතු වුවහොත් තමා ඉදිරිපත් වන බවත් රාජිත සේනාරත්න මාධ්‍ය හමුවට පෙර පවසා තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා 27 වන දින දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මේ පිළිබඳ රූමි හෂීම්ගෙන් සහ රාජිත සේනාරත්නගෙන් නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස