සැඟව සිටින රාජිත සොයා CIDය රට පීරයි! රාජිත ගැන ඔත්තුවක් දුන්නොත් ජනතාවට තෑගි!

December 26, 2019 at 11:03 am | by emanisa.lk

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟවී සිටියි.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට අයත් කොළඹ සහ බේරුවල නිවාස නිවාස දෙකක් ඇතුළු නිවාස කිහිපයක් මෙන්ම පෞද්ගලික රෝහල් කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කළද ඔහු සොයාගත නොහැකි විය.

මේ වන විට රාජිත සේනාරත්න ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද නොමැතිව ජංගම දුරකථනය ද ක්‍රියාවිරහිත කරගෙන සැඟව සිටියි.

මේ අතර නීතියෙන් පළා යන්නෙක් වී සිටිනා රාජිත සේනාරත්න දුටු තැන අල්ලා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එලෙස රාජිත සේනාරත්න පිළිබඳ නිවැරදි තොරතරු ලබා දෙන ඕනැම පුද්ගල‍යෙකුට ත්‍යාග මුදලක් ලබා දීමට සුදානම් බවද පොලීසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස