රාජිතගේ සුදු වෑන් රියදුරන් දෙදෙනා අල්ලයි! ප්‍රභාගේ රත්තරන් ටොන් 7000 සහ කිඹුලන් ගැන පරීක්ෂණ ඇරඹෙයි!

December 14, 2019 at 8:23 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක පෙනී සිටිමින් සුදුවෑන්වලින් පැහැරගෙන කිඹුලන්ට කන්න දැමූ මිනිසුන් සහ කොටි සංවිධානයෙන් පැහැර ගත් රත්තරන් ටොන් 7000ක් ගැන හෙළි කළ සුදුවෑන් රියදුරන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යනුවෙන් මෙයට පෙර හඳුනාගෙන තිබූ මේ දෙදෙනා කඩවත ප්‍රදේශයේ අවන්හලක දී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා පෙර කී චෝදනා එල්ල කළේ එවක ජනාධිපති අපේක්ෂකයකු වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 02 වෙනිදා අධිකරණයට වාර්තා කළේ මෙම චෝදනා පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස