රාජිත සිංගප්පූරුව හරහා රටින් පනින සැලසුමක්! පැන්නොත් ආයේ අල්ලලා ඉවරයි!

January 1, 2020 at 10:48 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරියේදී තමන්ට විරුද්ධව ඇති බරපතළ චෝදනා පදනම් කරගත් නඩුවලින් මිදීම සඳහා රටින් පළා යාමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව අනාවරණය වෙයි.

අධිකරණය මගින් සුදුවෑන් නඩුවේ චූදිතයකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ නියෝග (24) නිකුත් කිරීමත් සමග දින දෙකක් අතුරුදන්ව සිට අනතුරුව නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට (26) ඇතුළත් කළ රාජිත සේනාරත්න අද (01) වන විට එහි සාමාන්‍ය වාට්ටුවකට ඇතුළු කර තිබේ.

කෙසේ වුවද රාජිත සේනාරත්න සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබත් රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා මෝසමක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක පවසයි.

දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ රාජිත නැවත සිංගප්පූරුවට ප්‍රතිකාර සඳහා රැගෙන යාමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳ බොහෝ පාර්ශවවල සාකච්ඡාවට යොමු වී තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ රාජිත සේනාරත්න සිංගප්පූරුව බලා යාමේ සැලසුමක් ඇති බවත් එසේ ගියහොත් ඔහු නැවත කිසිදා ලංකාවට ගෙන්වාගත නොහැකි වනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස