රාජිතට ඇප ලැබුණත් ගෝලයාට ඇප නෑ! 06 වෙනිදා තෙක් රූමි වැලිකඩ!

January 2, 2020 at 2:04 pm | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාර ගත කරසිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ඉල්ලා ගොනු කර තිබූ මෝසමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සැකකාර රූමි මොහොමඩ්ගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ මෝසම අද (02) කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එය ප්‍රතික්ෂේප කර තිබේ.

සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළ විමර්ශන සඳහා රූමි මොහොමඩ් පසුගිය 31 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ලබන 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස