සැඟවුණු රාජිතලා අවුලින් අවුලට! උදේ උසාවියට ගෙනා මෝසම හවස ඉවත් කරගනී!

December 26, 2019 at 4:55 pm | by emanisa.lk

හිටපු ඇමති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ මෝසම යළි ඉවත් කරගෙන ඇත.

රාජිත සේනාරත්නගේ නීතිඥවරුන් විසින් අද (26) පෙරවරුවේ අදාළ මෝසම ඉදිරිපත් කර තිබුණි. තව දුරටත් රාජිත සේනාරත්න අධිකරණය මග හරිමින් සැඟව සිටියි.

කෙසේ වෙතත් යම්කිසි හේතුවක් මත එම මෝසම යලි ඉවත් කර ගැනිමට එම නීතිඥවරුන් පියවර ගෙන ඇත.

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මාධ්‍ය හමුවටඅදාළව රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය පෙරේදා (24) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස