රාජිතට පාඨලීට ඇප ලැබුණේ මහින්දගේ ඩීල් නිසායි! රනිල් වගේ මහින්දත් දේශපාලනයෙන් සමුගත යුතුයි! – මාගල්කන්දේ සුදත්ත හිමි

January 1, 2020 at 5:28 pm | by emanisa.lk

විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න පාඨලී චම්පක වැනි දේශපාලකයන්ට ඇප ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ බලපෑම් මත යැයි තමන්ට දැනගන්නට ලැබී ඇතැයි සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට මුල් වී කටයුතු කළ මහා සංඝරත්නය ඇතුළු ජනතාව පැතූ සැමට යුක්තිය සාධාරණය ඉටුවන ලෝකය මෙය නොවන බව එහිමියන් පවසයි.

දේශපාලකයන් වන රාජිතට සහ පාඨලීට ඇප ලැබෙන්නේ නම් සුදු වෑන් රියදුරන් දෙදෙනාට ද පාඨලීගේ රියදුරාට ද ඇප ලබාදිය යුතු බව සුදත්ත හිමි සඳහන් කරයි.

දැන් පෙනෙන ආකාරයට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දේශපාලන නායකයන්ට ද කිසිදු දඬුවමක් හිමි නොවනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂ ද දේශපාලනයෙන් සමුගත යුතු බවත් එහිමියන් අවධාරණය කරයි.

ජනාධිපතිවරණයට පෙර පසුගිය ජූලි මාසයේ දී රාජිත සේනාරත්න සංවිධානය කළ දානමය පිංකමකට සහභාගී වී සුදත්ත හිමි ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මේ රටේ ජනාධිපති විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස