රාජිත හංඟගෙන හිටියේ පාර්ලිමේන්තුවේ ප්‍රබලයෙක්! ඔහුටත් නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්!

December 27, 2019 at 10:15 am | by emanisa.lk

අධිකරණයේ වරෙන්තු පිට සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්නට සැඟවී සිටීමට කවරෙකු හෝ සහාය දෙන්නේ නම් ඔවුන්ද අත්අඩංගුවට ගෙන නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

එම නිසා හිටපු ඇමැතිවරයාට සැඟවී සිටීමට කවුරුන් හෝ සහාය දෙන්නේ නම් එම වැරැද්ද නොකරන ලෙස ද අමාත්‍යාංශය ඉල්ලා සිටී.

පසුගිය ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයන් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් මත හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබා ගත්තේය.

මේ අතර රාජිත සේනාරත්න සිය වරප්‍රසාද අවභාවිත කරමින් සඟවා ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ ප්‍රබල ධුරයක් දරන්නකු විසින් බවත් රාජිත සේනාරත්න රෝහලට ගෙනැවිත් ඇත්තේ එම ප්‍රබලයාගේ හිටපු රියදුරෙකු විසින් බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස