සුදු වෑන් කිඹුල් කටේ රාජිත හිරවෙයි! අධිකරණය ඇප කැන්සල් කරයි! ජම්පරේ අතේ දුරින්!

May 13, 2020 at 11:32 am | by emanisa.lk

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 30 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න වෙත ලබා දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කර තිබේ.

සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමිනි.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගැනීම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කළ යුතු බවට මහාධිකරණය තීන්දු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස