රාජිතගේ සුදුවෑන් රියදුරන්ට ලක්ෂ 20ක් දුන්නේ රූමි හෂීම්!

December 18, 2019 at 9:50 pm | by emanisa.lk

තමන් සුදු වෑන් රියදුරන් බව හඳුන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගෙන කිඹුලන්ට කෑමට දැමූ බව මාධ්‍ය හමුවක පැවසූ දෙදෙනාට රු. ලක්ෂ 10 බැගින් ගෙවා ඇත්තේ ඇමති රාජිත සේනාරත්නගේ සමීපතම හිතවතකු වන රූමි හෂීම් බව හෙළිදරව් වී තිබේ.

මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් සුදු වෑන් රියදුරන් දෙදෙනා විසිනි. ඔවුන් දෙදෙනා ද පසුගිය සමයේ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බව හෙළි වී තිබේ.

මොහොමඩ් රූමි හෂීම් යනු ඇමති රාජිත සේනාරත්න යටතේ ජාතික ඖෂධ සංස්ථාවේ සභාපති ධුරයේ කටයුතු කළ පුද්ගලයාය. ඔහුට ඖෂධ ජාවාරම් කිරීම පිළිබඳ චෝදනා ද මෙයට පෙර එල්ල විය.

ඡායාරූපයේ දැක්වෙන රාජිත සේනාරත්න බයිපාස් සැත්කමට මුහුණ දීම සඳහා සිංගප්පූරුවට ගිය අවස්ථාවේ රූමි හෂීම් රාජිත සේනාරත්නගේ පුත් චතුර සහ බිරිඳ සමග ලබා ගත් ඡායාරූපයකි.

රූමි හෂීම් ප්‍රශ්නකිරීම් සඳහා නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස