සුදු වෑන් කිඹුල් නාටකේ රාජිත අතුරුදන්! නිසි වෙලාවට රාජිත අධිකරණයට එන බව පාඨලී කියයි….

December 25, 2019 at 4:14 pm | by emanisa.lk

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නියෝග කර ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න මේ වනවිට සිය නිවසින් පළා ගොස් සැඟ වී තිබේ.

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද (25) පෙරවරුවේ ඔහුගේ නිවසට ගියද ඔහු එම නිවසේ නොසිට ඇත.

මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක ඊළඟ පියවර ආරක්ෂක අංශ ක්‍රියාත්මක කොට තිබේ

රාජිත සේනාරත්න රෝහල් ගත වීමට සූදානමින් සිටි බව මෙයට පෙර වාර්තා විය.

කෙසේ වෙතත් අද පාඨලී චම්පික රණවක පැවසූවේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනු ලැබ සිටින රාජිත සේනාරත්න නිසි වේලාවේදී අධිකරණයට ඉදිරිපත් වනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස