සුදු වෑන් නඩුවට රාජිත අත්අඩංගුවට! ඇප නැතිව මැය 27 දක්වා රිමාන්ඩ්!

May 13, 2020 at 9:37 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අද (13) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද රාජිත සේනාරත්න එහි නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

ඉන් අනතුරුව සැකකරු රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

රාජිත සේනාරත්න ඇප මත මුදා හරිමින් ඉකුත් දෙසැම්බර් මස 30 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද පෙරවරුවේ අවලංගු කරන ලදී.

ඉන් අනතුරුව රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් සැකකාර රාජිත සේනාරත්න අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබුණි.

ඉන් අනතුරුව සැකකාර රාජිත සේනාරත්න අද සවස සිය නීතිඥවරුන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස