පාස්කු ප්‍රහාරය ගැන අගමැතිට, හමුදාපතිට පොලිස්පතිට කලින් කීවා! කිසිවෙක් ප්‍රහාරය වළක්වා ගත්තේ නෑ! – රදගුරු ජී.එස්.කේ. ෆ්‍රැන්සිස් හිමි

October 16, 2019 at 6:46 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර කතෝලික ජනතාව ඉලක්ක කර එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට පවතින සූදානමක් පිළිබඳ තමාට ලැබුණු තොරතුරු ජනාධිපති කාර්යාල නිලධාරියකු ඔස්සේ අගමැති, පොලිස්පති සහ හමුදාපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බව එංගලන්ත සභාවේ රදගුරු ජී.එස්.කේ. ෆ්‍රැන්සිස් හිමියෝ පවසති.

ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වුවද අගමැති, පොලිස්පති හෝ හමුදාපතිවරයා එම ප්‍රහාරය වැළැක්වීමට කිසිවක් නොකළ බවත් ප්‍රහාරයෙන් අසරණ වූ ජනතාවට මෙතෙක් යුක්තිය ඉටු නොවූ බවත් එහිමියන් පෙන්වා දුන්නේය.

ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලබා දී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ හමුදාපති මහේෂ් සේනානායක දැන් ජනාධිපති අපේක්ෂකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස