වරක් නොව දෙවරක් පාස්කු කාරක සභාව නීති විරෝධියි! එමගින් ජාතික ආරක්ෂාව බිඳවැටීමට ජනපති කතානායක සහ ආණ්ඩුව වගකිව යුතුයි! – විජයදාස රාජපක්ෂ

June 7, 2019 at 10:00 pm | by emanisa.lk

අප්‍රේල් මස 21 වැනිදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5ක් විභාග වෙමින් පවතින හෙයින් සබ් – ජුඩිස් රීතිය අනුව පාර්ලිමේන්තුව විසින් හෝ එහි කාරක සභාවක් විසින් ඒ පිළිබඳ සාකච්ඡා කළ නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

1955 අංක 32 දරන නිල රහස් පනත අනුව ජාතික ආරක්ෂාවට සම්බන්ධ බුද්ධි තොරතුරු සේනාධිනායක, ත්‍රිවද හමුදාපතිවරු, පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානී යන අයට හැර කිසිවකුට ලබා දිය නොහැකි බවත් ලබාගත නොහැකි බවත් එහි පැවසෙයි.

කාරක සභාව තුළින් රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු හෙළිදරුව් වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීම බරපතල කරුණක් යැයි ද එමගින් අනාගතයේදී සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ පුර්ණ වගකීම කතානායකවරයාත් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් බාරගත යුතු යැයිද එම ලිපියෙහි සඳහන් වෙයි.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස