ආරක්ෂක ලේකම් ගෙදර යයි!

April 25, 2019 at 9:31 pm | by admin

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් තමන් ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා අදාළ ලිපිය මඟින් සඳහන් කරයි.

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු හමුදාපති දයා රත්නායක පත් කිරීමට සූදානම් වන බවට රාවයක් පසුගියදා පැතිර ගියේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට පසු ජාත්‍යන්තර මාධ්‍යයට කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පැවසුවේ ඒ මහත්මයා ගැන දුක සිතුණු බව පමණි. හේමසිරි ප්‍රනාන්දු මහතා මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කළ බව පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස