ජාතික බුද්ධි අංශ ප්‍රධානියා පාස්කු කාරක සභාව ඉදිරියේ ගෝඨාගේ ගුණ වයයි! හිටපු හමුදාපති ෆොන්සේකා එය තහවුරු කරයි! ගෝඨාට චෝදනා කළ රාජිතලා නිරුවත් වෙයි…(video)

May 30, 2019 at 8:59 pm | by admin

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යටතේදී එවකට රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියාට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා බලතල ලබා දී තිබූ බව වත්මන් රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සඳහන් කරයි.

නමුත් පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ගැන තොරතුරු කලින් ලැබී තිබුණද ඊට අදාළ ක‍්‍රියාමාර්ග ගැනීමට හෝ ඒ පිළිබඳ විමසීමට තමනට බලයක් නොතිබූ බවද ඔහු කියා සිටියේය.

මෙහිදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ සිසිර මෙන්ඩිස්ගේ ප්‍රකාශය සනාථ කරමින් ප්‍රකාශ කළේ පසුගිය යුද සමයේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී හෙන්දවිතාරණ යටතේ සෙසු සියලු බුද්ධි අංශ ප්‍රධානීන් ක්‍රියාත්මක වූ බවත් ඔහුට අදාළ බුද්ධි ක්‍රියාන්විත පිළිබඳ විමසා බැලීමේ බලය තිබුණු බවත්ය.

පසුගිය පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස