බදියුදීන්ට එරෙහි විරෝධය ගම්දනව් පුරා ඇවිළ යයි! විශ්වාසභංගයට එරෙහි වන මැති ඇමතිලාට අනතුරු ඇඟවීම් පුවරු එසවෙයි!

May 22, 2019 at 5:26 pm | by admin

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කල්ලියේ ව්‍යාපාරිකයන් සඳහා ඇමති බලතල යොදා ගෙන අයථා ලෙස විවිධ ව්‍යාපාරික අවස්ථා ලබාදීම, පාස්කු ප්‍රහාරයට පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් නිහදස් කර ගැනීමට හමුදාපතිවරයා ඇමතීම ආදී බොහෝ චෝදනාවලට ලක්ව සිටින ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව රට පුරා විශාල විරෝධයක් මතුව තිබේ.

මේ වන විට ඔයුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර මිස නැවත ගමට නොඑන ලෙස දන්වා රට පුරා බැනර් ප්‍රදර්ශනය කරමින් ඇති අතර ඉන් කිහිපයක් මෙහි දැක්වෙයි.  ජනාධිපතවරයාගේ ගම් ප්‍රදේශය වන පොළොන්නරුවේද බදියුදීන් විරෝධී පුවරු ඔසවා තිබේ.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය නිසා බදියුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයෙන් බෙදී ගිය ආණ්ඩුව සහ ආණ්ඩු හිතවාදී දෙමළ සන්ධානය නැවත ආණ්ඩුව රැකගැනීමේ සටනට යොමු වී තිබේ. ආණ්ඩුව රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයට ඇතුළු නොකර ඉවත දැමීමට කටයුතු කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස