ජනතාව අපිත් එක්ක තරහාවෙලා අපට චෝදනා කළාට පාස්කු ප්‍රහාරය එල්ල වුණේ පොලිසියේ කචල් නිසායි! – ඇමති නවීන්

May 28, 2019 at 1:13 pm | by admin

රටේ ආරක්ෂක අංශ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු නොකිරීම හේතුවෙන් ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුහුණ දීමට සිදු වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

රටේ ප්‍රධාන ආරක්ෂක ඒකකය වන පොලිසිය, පොලිස්පතිවරයා හා දෙවැනියන් අතර ප්‍රශ්නයක් ඇත්නම් එය විශාල ගැටලුවක් බව ද පැවසීය.

නුවරඑළිය, කැලේගාල ප්‍රෙද්ශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදය වසර 10 ට පෙර අවසන් වූ නිසා ඒ ගැන ඇති අවධානය අඩු කළ යුතු නොවන බවත් පැවසු අමාත්‍යවරයා, තමා සෑම මොහොතකම අමාත්‍යවරයෙක් ලෙස ක්‍රමවේදය ගැන විශ්වාසය තබන බව ද කියා සිටියේය.

ක්‍රමවේදය සඳහා හොඳ පුද්ගලයින් දැමීමට හැකි නම් එය නිරන්තරයෙන් ගංගාවක් සේ ගලා යන බව ද පැවසු අමාත්‍යවරයා, ඒ සඳහා කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතු බව ද පැවසීය.

කණ්ඩායම් හැඟීමක් නැතිව කිසිම දෙයක් ඉෂ්ට කර ගැනීමට නොහැකි බවත් පැවසු අමාත්‍යවරයා, ජනතාවට දේශපාලනඥයින්ට බැනීමට හැකි බවත් එම චෝදනා පිළිගන්නා බවත් ජනතාව මේ වන විට තරහකින් සිටින බවත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස