පාස්කු කමිටුවට කැඳවූ බුද්ධි අංශ ප්‍රධානිගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන ලෙස උපදෙස් දුන් පාස්කු කමිටු සාමාජිකයා මෙන්න!

July 13, 2019 at 9:08 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවට කැඳවූ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන ලෙස එජාප මාධ්‍ය අංශ ප්‍රධානියකු වෙත පාස්කු කමිටුව නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකු උපදෙස් ලබා දී තිබේ.

බුද්ධි අංශ ප්‍රධානියා පාස්කු කමිටුව හමුවට පැමිණීමට ද ප්‍රථම ඔහුගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන ලෙස මේ ආකාරයට උපදෙස් දී ඇත්තේ ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් බව පවසමින් එළඹෙන ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා වීමට මාන බලන අයකු වීම පුදුම සහගතය. මෙයට පෙර ද සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් රට සහ ආරක්ෂක අංශ පාවාදීමට කටයුතු කළ මොහුගේ මෙම පහත් ක්‍රියාව එජාපයේ ඇතැම් පිරිසකගේ පවා පිළිකුළට ලක්ව තිබේ.

ජාතික බුද්ධි අංශ ප්‍රධානීන් අප්‍රසිද්ධ චරිත ලෙස කටයුතු කිරීමේ ජාතික සහ ජාත්‍යන්තර සම්ප්‍රදාය අකුරටම පිළිපදින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ ඡායාරූප මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවී ඇති පසුබිමක පාස්කු කමිටුව උපයෝගී කරගෙන ඔහු හෙළිදරව් කිරීමට උත්සාහ කිරීම ඇතැම් එජාප කොටස්වල පවා පිළිකුළට හේතු වී ඇත.

පාස්කු කමිටුව හමුවේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලබා දෙන සාක්ෂි, බුද්ධි අංශ ක්‍රියාන්විතවල වැදගත් තොරතුරු සහ බුද්ධි අංශ ප්‍රධානියාගේ ඡායාරූප මාධ්‍ය වෙත හෙළිදරව් කිරීම බරපතළ පාවාදීමක් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස