ජාතික රහස් ඔත්තු සේවය තොරතුරු ලබා දෙන්නේ ජනාධිපතිවරයාට පමණයි! පාස්කු ප්‍රහාරය ගැන කිසිම පූර්ව අනතුරු ඇඟවීමක් මට ලැබුණේ නෑ! – හිටපු ආරක්ෂක ලේකම්

September 5, 2019 at 9:42 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට ලැබී නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අද ( 05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ජාතික රහස් ඔත්තු සේවය බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට පමණක් ලබා දෙන බවත් ආරක්ෂක ලේකම්වරයාට ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙළිදරව් කළේය.

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළි සලකා බැලූ අවස්ථාවේ නීතිඥවරයා මෙම අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස